Welcome to the detailed analysis for hirunews.lk. This domain is officially recognized as Hiru News Official Web Site - Most visited website in Sri Lanka - Sri Lanka News - Online Sinhala English News - Breaking Sinhala English News - Hiru TV News | A Rayynor Silva Holdings Company. According to their official web presence, their primary focus is: "Detailed SEO and authority metrics for hirunews.lk. Hirunews currently holds an estimated domain authority score of 46/100 in the .LK namespace based on our global index mapping.".
"ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් වහාම ජනමත විචාරණයකට යන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.ජාඇල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රටේ ජනතාව මුහුණ දී සිටින දැවෙන ආර්ථික හා සමාජීය ප්‍රශ්න පසෙකලා විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට ආණ්ඩුව ප්‍රමුඛතාව දෙන්නේ නම්, ඒ පිළිබඳ තීන්දුව ජනතාවට භාරදිය යුතු බවයි.විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය පවා විරුද්ධ වී ඇති බව නාමල් රාජපක්ෂ මෙහිදී සඳහන් කළා."අද ආණ්ඩුවේ ඇමතිවරු පාර්ලිමේන්තුවේදී කියනවා තමන්ගේ මර්දනය ක්‍රියාත්මක කරන්න මේ පනත ඕනේ කියලා. යම් ව්‍යවස්ථා සංශෝධනයක් ආවොත් ඒ ගැන අධිකරණයට යන්න පුරවැසියාට අයිතියක් තියෙනවා. හැබැයි තමන්ගේම කාලය දීර්ඝ කිරීම ගැන තීන්දුවක් දෙන්න වුණාම ගරු විනිශ්චයකාරවරුනුත් අසරණ වෙනවා. අන්න ඒ නිසයි අපි කියන්නේ ආණ්ඩුවට හැකියාවක් තියෙනවා නම් ජනමත විචාරණයකට ගිහින් ජනතාවට ඒ තීන්දුව ගන්න දෙන්න කියලා." යනුවෙන් මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දැක්වුවා."
"හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පිහිටි බීම කෑන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක රැකියාව කළ ඉන්දීය ජාතික තරුණයෙක් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇතැයි හොරණ මුලස්ථාන පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ බ්‍රිජේෂ් කුමාර් නැමති 26 හැවිරිදි විදුලි කාර්මික ශිල්පියකු ලෙස එම කර්මාන්ත ශාලාවේ රැකියාව කළ තරුණයෙක්.මෙම තරුණයා පසුගිය 08 වන දින හුස්ම ගැනීමේ අපහසුතාවය මත හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉකුත් (12) වැනිදා සිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.ඔහු පසුගිය මාර්තු මාසයේ මෙරටට පැමිණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ නවාතැනක නතර වී රැකියාව සිදුකර ඇති බව අනාවරණය වී තිබෙනවා.හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේද ගුණවර්ධන විසින් මේ පිළිබඳ මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර එහිදී මෙම මරණය නිව්මෝනියා තත්වය හේතුවෙන් සිදුවූවක් බවට අනාවරණය වුණා.මෙම මරණය සම්බන්ධයෙන් ඉන්දීය තානාපති කාර්යාලය දැනුවත් කළ බව ද පොලිසිය පැවසුවා.හොරණ මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂක රංග පෙරේරාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම ගුණරත්නගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (33358) සමරවීර ඇතුළු නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළා."
"පසුගිය වසරේදී තැපැල් කාර්යාල නවීකරණ ව්‍යාපෘති 206 ක් සඳහා රුපියල් මිලියන 600 ක් වැය කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවා.පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජයන්තිපුර ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම, විධිමත් හා ජනතා හිතකාමී තැපැල් සේවාවක් ලබාදීමේ අරමුණින් සියලු නවීන පහසුකම්වලින් සමන්විතව අභිනවයෙන් ඉදිකරන ලද ජයන්තිපුර නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ ජනතා අයිතියට පත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.නව තැපැල් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, නව තැපැල් කාර්යාල 14 ක් සහ දඹුල්ල ප්‍රාදේශීය හුවමාරු මධ්‍යස්ථානය ඇතුළු ඉදිකිරීම් සඳහා තවත් රුපියල් මිලියන 600 ක් ආයෝජනය කර තිබෙන බවයි.එමෙන්ම, ප්‍රවාහන පහසුකම් ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 588 ක් වැය කර නව රථවාහන ලබාදී ඇති අතර, තැපැල් හා උප තැපැල් කාර්යාල ඩිජිටල්කරණය සඳහා රුපියල් මිලියන 74 කට අධික මුදලක් වැය කර පරිගණක, ලැප්ටොප් ඇතුළු නවීන තාක්ෂණික උපකරණ ලබාදී ඇති බවද හෙතෙම පැවසුවා.තැපැල් සේවාව ලිපි හුවමාරුවට පමණක් සීමා වූ සේවාවක් නොව, ජනතාවගේ දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය මූල්‍ය, සන්නිවේදන හා රාජ්‍ය සේවා පහසුකම් රැසක් සපයන ජනතා කේන්ද්‍රීය සේවා ජාලයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම සේවාව වඩාත් නවීන, කාර්යක්ෂම හා ජනතාවට සමීප සේවාවක් බවට පත් කිරීම සඳහා රජය අඛණ්ඩව ආයෝජනය කරමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද කියා සිටියා.මෙම අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගම, නියෝජ්‍ය තැපැල්පති (උතුරු මැද) සංජීව ප්‍රනාන්දු, ගණකාධිකාරී (මුද්දර) රංජිත් මහකුඹුර, පොළොන්නරුව ප්‍රාදේශීය තැපැල් අධිකාරී සුදත් සිරිසේන, ජයන්තිපුර තැපැල් ස්ථානාධිපති කේ.එල්.ඩී. වීරසේන යන මහත්වරුන් ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ හා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රාජ්‍ය ආයතන නියෝජිතයන් සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එක්ව සිටයා."
By comparing hirunews.lk to other leading websites in its niche, marketers and researchers can identify key traffic sources and growth opportunities. Explore our related resources below to find websites similar to hirunews.lk.
Yes, according to our latest analysis, we detected a valid SSL certificate ensuring a secure connection.
As of July 27, 2026, hirunews.lk holds an estimated domain authority score of 71/100 based on our VisitRank tracking algorithms.
You can find the best alternatives and similar sites to hirunews.lk in our explore section, which includes competitors in the E-commerce & Retail sector.
Common Misspellings & Typo Domains for hirunews.lk:
"නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ ඇල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක ආයතනයකට රුපියල් මිලියනයක දඩ මුදලක් නියම කිරීමට අධිකරණය පියවර ගෙන තිබෙනවා. පසුගිය දා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි අදාළ ආයතනය මඟින් නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ. ඒ අනුව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ ආයතනයට මෙම දඩ මුදලක් නියම කර තිබෙනවා."